ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
2 සාමුවෙල් 13:23 - Sinhala New Revised Version 2018 මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය. Sinhala New Revised Version මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය. Sinhala Revised Old Version මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය. |
ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.
තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත.
මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.
අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.
මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. ඔහු ඉශ්රායෙල් රජුට එක්ලක්ෂයක් බැටළු පැටවුන්ගේ ද එක්ලක්ෂයක් බැටළුවන්ගේ ද ලෝම කප්පම් දෙන සිරිතක් තිබිණි.
ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.
සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.
අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.
ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමු. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියහ; අප ඔවුන්ට හිංසා කෙළේ වත්, ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලය තුළ දී ඔවුන්ට අයිති කිසිවක් නැති වුණේ වත් නැත.