Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 13:23 - Sinhala Revised Old Version

23 මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 13:23
13 හුවමාරු යොමු  

නාබල් තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවන බව කාන්තාරයේදී දාවිත්ට සැලවිය.


ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.


මෝවබ්හි රජවූ මෙෂා බැටළු හිමියෙක් ව සිටියේය; ඔහු ඉශ්‍රායෙල් රජුට එක් ලක්ෂයක් බැටළු පැටවුන්ගේද එක් ලක්ෂයක් බැටළුවන්ගේද ලෝම දෙන සිරිතක් තිබුණේය.


මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.


ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත.


අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.


නුඹට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමි. නුඹේ බැටළු එඬේරු අප සමඟ සිටියෝය, අප ඔවුන්ට හිංසාකළේවත් ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලයෙහි ඔවුන්ගෙන් කිසිවක් නැතිවුණේවත් නැත.


ඒ මනුෂ්‍යයා මහත් ධනවතෙක්ය, ඔහුට බැටළුවන් තුන්දහසක්ද එළුවන් දහසක්ද සිටියෝය. ඔහු වනාහි කර්මෙල්හි තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවමින් සිටියේය.


ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය.


එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.


හාශොර්හිද රාමාහිද ගිත්තයිම්හිද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්