ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්,
2 රාජාවලිය 9:5 - Sinhala New Revised Version 2018 ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය. Sinhala New Revised Version ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය. Sinhala Revised Old Version ඔහු ඇතුල්වෙන කොට සේනාපතියෝ හිඳගෙන උන්නෝය; එවිට ඔහු: අධිපතියාණනි, නුඹට වචනයක් කියන්ට මට තිබේයයි කීය. අප සියල්ලන්ගෙන් කාටදැයි යේහු ඇසීය. අධිපතියාණෙනි, නුඹටයයි ඔහු කීවේය. |
ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්,
ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.
එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.