Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 9:6 - Sinhala New Revised Version 2018

6 ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක–ස්වාමීන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:6
20 හුවමාරු යොමු  

එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.


ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.


‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,


එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය.


නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.


ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි.


තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය.


ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය.


ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.


මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය.


සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:


සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්