Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 9:5 - Sinhala New Revised Version

5 ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔහු ඇතුල්වෙන කොට සේනාපතියෝ හිඳගෙන උන්නෝය; එවිට ඔහු: අධිපතියාණනි, නුඹට වචනයක් කියන්ට මට තිබේයයි කීය. අප සියල්ලන්ගෙන් කාටදැයි යේහු ඇසීය. අධිපතියාණෙනි, නුඹටයයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:5
4 හුවමාරු යොමු  

ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්,


මෙසේ ඒ තරුණ දිවැසිවරයා රාමොත්-ගිලියද්ට ගියේ ය.


ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.


එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්