බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ ”යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය.
2 රාජාවලිය 9:35 - Sinhala New Revised Version 2018 ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී, Sinhala New Revised Version ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී, Sinhala Revised Old Version ඔව්හු ඈ තැන්පත්කරන්ට ගිය විට ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බනොවී, |
බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ ”යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය.
ඔහු ඇය පාගාගෙන අසුපිටින් ගියේ ය. ඔහු ඇතුළු වී, කා බී, “ඒ සාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවක නිසා සලකා බලා ඈ තැන්පත් කරන්නැ”යි කී ය.
හැරී ගොස් ඔහුට දැන්නූ හ. ඔහු කතා කොට, “මේ සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ තිෂ්බි ජාතික එලියා ලවා කියෙවූ වචනය ය: ‘ජෙශ්‍රෙයෙල් පෙදෙසේ දී බල්ලෝ ජෙශෙබෙල්ගේ මාංස කන්නෝ ය.
මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.
කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”
එබැවින් ස්වාමීන් වන මම ජුදාහි රජු වන ජෙහෝයාකිම් වන නුඹට මෙසේ කියමි. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳගැනීමට කිසි ම කෙනෙක් නුඹේ මතුපරම්පරාවෙන් නොපැමිණෙන්නේ ය. නුඹේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත්, රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේ ය.
හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.