ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 14:9 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 14:9
15 හුවමාරු යොමු  

ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.


ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යාව කොට පාවාදෙන්නැ’යි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේ ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෝ එහි යන විට ගොකටු ගස පාගා දැමූ හ.


ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.


මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.


සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.


අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය.


කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය.


එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.


එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.


ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය.


යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ.


එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.