2 රාජාවලිය 14:10 - Sinhala New Revised Version 201810 ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 නුඹ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, නුඹේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙනලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා ඇරියේය. පරිච්ඡේදය බලන්න |
එහෙත්, මිසරයේ රජ ජොෂියා වෙත තානාපතියන් එවමින්, “ජුදාහි රජතුමෙනි, මාගෙන් ඔබට කුමන වැඩක් ද? ඔබට විරුද්ධ ව නොව මා සමඟ යුද්ධ කරන වංශයට විරුද්ධ ව අද මම එමි. ඉක්මන් වන්න කියා දෙවියන් වහන්සේ මට අණකළ සේක; දෙවියන් වහන්සේ මා සමඟ සිටින සේක. උන් වහන්සේ ඔබ විනාශ නොකරන පිණිස උන් වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතු ය” කියා දැන්වී ය.