තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.
තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය.
මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පනත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.
ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.
එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ තුවාළ ය”යි කී ය.
මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.
එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද?
ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.
ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.
අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.
මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.
ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”
ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ.
එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ.
යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය.
එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු.
සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.
එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, “අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ.