2 තෙසලෝනික 3:13 - Sinhala New Revised Version 2018 එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න. Sinhala New Revised Version එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න. සිංහල කාලීන පරිවර්තනය සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න. Sinhala Revised Old Version නුමුත්, සහෝදරයෙනි, නුඹලා යහපත කිරීමට මැළි නොවෙන්න. |
‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද?
තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.
සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය.
එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.
“නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය.
ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.
සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.
ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.
දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න: