“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
2 තිමෝති 4:11 - Sinhala New Revised Version 2018 ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. Sinhala New Revised Version ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. සිංහල කාලීන පරිවර්තනය ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය. Sinhala Revised Old Version ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය. |
“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
මෙන්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”
මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ.
බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.
ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය;
ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.
මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.
එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය.
ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.