සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
2 කොරින්ති 6:7 - Sinhala New Revised Version 2018 දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු. Sinhala New Revised Version දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු. සිංහල කාලීන පරිවර්තනය සත්‍යවාදී කතාවෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙනි; සුරතින් හා වමතින් ගත් ධර්මිෂ්ඨකමේ අවිවලිනි. Sinhala Revised Old Version සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද. |
සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.
එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්.
සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.
උන් වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් ජීවත්වන සේක. එසේ ම අපි ද උන් වහන්සේගේ දුර්වලකමට පංගුකාරයන් ව සිටින නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ සමඟ ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන් වහන්සේගේ වචනය වංචනික ලෙස භාවිතා නොකොට, අවංක ව ද දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස ද උන් වහන්සේ ඉදිරියෙහි අපි ප්‍රකාශ කරමු.
ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.
ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත.
ඉදින්, උන් වහන්සේ තුළින් ඔබ ද, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතිකකමේ මුද්‍රාව ලැබුවහු ය.
අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති
සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී.
ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.
එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු.
ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.
දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.
උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.