ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 2:1 - Sinhala New Revised Version 2018

ඔබට සිත් වේදනා නොදීම පිණිස, යළිත් ඔබ වෙත නොඒමට මා තීරණය කළේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබට සිත් වේදනා නොදීම පිණිස, යළිත් ඔබ වෙත නොඒමට මා තීරණය කළේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් තවත් වේදනාකාරී බැහැදැක්මක් නො කිරීමට මම සිතින් නියම කර ගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය, ශෝකයෙන් යුක්තව නුඹලා ළඟට නැවත නොඑන්ට මම මාගේ සිතින් නියමකරගතිමි.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 2:1
13 හුවමාරු යොමු  

එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ.


එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.


තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය.


මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.


ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?


සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.


මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.


මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.


මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.


මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න.