මකබියස් ඉතා දක්ෂ ලෙස තමා රැවටූ බව නිකනෝර් තේරුම්ගෙන පූජකවරුන් සිරිත් පරිදි යාග පූජා ඔප්පු කරන වේලාවේ දී උතුම් දේව මාලිගාවට ගොස් ජූදස් තමාට පාවා දෙන ලෙස ඔවුන්ට අණ කෙළේ ය.