ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
2 ලේකම් 6:14 - Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. Sinhala New Revised Version “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. Sinhala Revised Old Version ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක. |
ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී.
ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.
එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!
සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක.
“නුඹ ගොඩනඟන මේ ගෘහය ගැන මම මෙය කියමි: නුඹ මාගේ නීති අනුව හැසිර, මාගේ නියෝග ඉෂ්ට කර, මාගේ පනත් පවත්වමින්, ඒ ප්‍රකාර හැසිරෙන්නෙහි නම්, නුඹේ පිය වූ දාවිත්ට මා කී මාගේ වචනය නුඹට ඉෂ්ට කරන්නෙමි.
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.
දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා.
එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
“අපේ පියවරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ නොවන සේක් ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ වහන්සේ නොවන සේක් ද? ඔබේ හස්තයේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධ ව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත.
එබැවින් දැන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවා වූ දාවිත්ට ඔබ වදාළ ඔබේ වචනය ස්ථිර වේ වා!
“අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,
අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.
සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?
සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.
සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?
එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.
එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපනත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක.
දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.