Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 6:13 - Sinhala New Revised Version 2018

13 මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:13
14 හුවමාරු යොමු  

ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.


සලමොන් රජ තෙම සමිඳාණන් වහන්සේට මේ මුළු යාච්ඤාව හා කන්නලව්ව ඔප්පු කර නිම කළ විට, ඔහු උන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තම අත් විදහාගෙන, දණ ගසා සිටි තැනින් නැඟිට්ටේ ය.


පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.


එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය.


“සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,


මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:


ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.


එන්න, හිස නමා එතුමාණෝ හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.


මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.


ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්,


ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය.


එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්