වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.
2 ලේකම් 5:14 - Sinhala New Revised Version 2018 ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි. Sinhala New Revised Version ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි. Sinhala Revised Old Version ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය. |
වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.
“අපේ පියවරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ නොවන සේක් ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ වහන්සේ නොවන සේක් ද? ඔබේ හස්තයේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධ ව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත.
සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය.
සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය.
වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය.
එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.
උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.
එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.