ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’
2 ලේකම් 31:21 - Sinhala New Revised Version 2018 ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය. Sinhala New Revised Version ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය. Sinhala Revised Old Version ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය. |
ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’
සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පනත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.
ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය.
තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.
ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.
සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.
දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.
එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,
දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.