මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.
2 ලේකම් 3:14 - Sinhala New Revised Version 2018 ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය. Sinhala New Revised Version ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය. Sinhala Revised Old Version ඔහු නිල්, රත්නිල්, රතු නූල්වලිනුත් සිහින් හණ නූල්වලිනුත් තිරයද ඒ පිට කෙරූබ්-රූපද සෑදුවේය. |
මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.
මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය.
“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.
දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;
උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක.