ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 29:22 - Sinhala New Revised Version 2018

ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 29:22
9 හුවමාරු යොමු  

ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝ ය. පූජකයෝ ද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය. ලෙවීවරු සතුන් හම ගසා සූදානම් කළහ.


ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.


ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.


පූජකවරයා ද උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.


ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත එම ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.


මෝසෙස් ද ඌ මරා උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.


පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.