Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:22 - Sinhala Revised Old Version

22 ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:22
9 හුවමාරු යොමු  

තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය.


ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.


ඔහු ඌ මැරීය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.


පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය.


ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.


ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්