2 ලේකම් 29:21 - Sinhala New Revised Version 201821 ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඔව්හු රාජ්‍යයද ශුද්ධස්ථානයද යූදාවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් බැටළුපැටවුන් සත්දෙනෙකුත් එළුවන් සත්දෙනෙකුත් ගෙනාවෝය. උන් ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්ට ඔහු පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය. පරිච්ඡේදය බලන්න |
එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය.