ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 27:5 - Sinhala New Revised Version 2018

ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන් දහසක් ද යව මෙට්රික් ටොන් දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන්‍ දහසක් ද යව මෙට්රික් ටොන්‍ දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු අම්මොන් පුත්‍රයන්ගේ රජුට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් ජයගත්තේය. අම්මොන් පුත්‍රයෝ ඒ අවුරුද්දේ රිදී තලෙන්ත සියයක්ද තිරිඟු කෝර දසදහසක්ද යව දසදහසක්ද ඔහුට දුන්නේය. දෙවෙනි තුන්වෙනි අවුරුදුවලදීත් අම්මොන් පුත්‍රයෝ එසේම ගෙවුවෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 27:5
7 හුවමාරු යොමු  

මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය.


අම්මොනිවරුන් උශ්ශියාට කප්පම් ගෙව්වෝ ය. ඔහු ඉතා ම බලවත් වූ බැවින් ඔහුගේ කීර්තිය මිසරයේ සීමාව දක්වා පතළ වී ගියේ ය.


ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය.


මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය.