තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
2 ලේකම් 24:12 - Sinhala New Revised Version 2018 රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ. Sinhala New Revised Version රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ. Sinhala Revised Old Version රජු සහ යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහ මෙහෙයේ කටයුතු කරවන්නන්ට ඒවා දුන්නෝය; ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන්ද වඩුවන්ද ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමට යකඩ සහ පිත්තල වැඩ කරන්නන්ද කුලියට ගත්තෝය. |
තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.
මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය.
කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය.
ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.
තවද, ඔහු රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී දේශයත්, දේව මාලිගාවත් පවිත්‍ර කළ පසු, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස, අසලියාගේ පුත් ෂාපාන් ද නුවර අධිපතියා වූ මයසේයා ද වාර්තාකරුවා වන ජෝවාහාස්ගේ පුත් ජෝවා ද යැවී ය.