Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:12 - Sinhala Revised Old Version

12 රජු සහ යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහ මෙහෙයේ කටයුතු කරවන්නන්ට ඒවා දුන්නෝය; ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන්ද වඩුවන්ද ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමට යකඩ සහ පිත්තල වැඩ කරන්නන්ද කුලියට ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:12
7 හුවමාරු යොමු  

බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.


තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.


මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ ගබඩාවට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම්ද උත්තම පූජකයාගේ සේවකයාද ඇවිත් පෙට්ටිය හිස්කර, ඒක නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබුවෝය. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මිල එකතුකළෝය.


කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය.


ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.


තවද ඔහුගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදී දේශයත් ගෘහයත් පවිත්‍රකළාට පසු, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකරන පිණිස, අසලියාගේ පුත්‍රවූ ෂාපාන්ද නුවර අධිපතියාවූ මයසේයාද වාර්තාකරුවා වන යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාද හැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්