Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:13 - Sinhala New Revised Version 2018

13 කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:13
7 හුවමාරු යොමු  

“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?


ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ.


එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.


රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.


වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.


එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්