“ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.
2 ලේකම් 23:2 - Sinhala New Revised Version 2018 ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය. Sinhala New Revised Version ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය. Sinhala Revised Old Version ඔව්හු යූදාහි ඔබ මොබ ගොස්, යූදාහි සියලු නුවරවලින් ලෙවීවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ පියවංශවල ප්‍රධානීන්ද රැස්කරගෙන යෙරුසලමට ආවෝය. |
“ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.
ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.
ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය.
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න.