2 ලේකම් 23:3 - Sinhala New Revised Version 20183 මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මුළු සභාව දෙවියන්වහන්සේගේ ගෘහයේදී රජු හා සමඟ ගිවිසුමක් කරගත්තාය. යෙහෝයාදා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජවිය යුතුය. පරිච්ඡේදය බලන්න |
එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව.