ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
2 ලේකම් 20:34 - Sinhala New Revised Version 2018 ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ. Sinhala New Revised Version ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ. Sinhala Revised Old Version යෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි අන්තර්ගතවූ, හනානීගේ පුත්‍ර යේහුගේ ඉතිහාසයෙහි ලියා තිබේ. |
ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
මෙසේ සිම්රී, බාෂාගේ මුළු වංශය විනාශ කෙළේ, බාෂා ද ඔහුගේ පුත් ඒලා ද තමන්ගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවමින් ඔවුන් විසින් කරන ලද,
තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.
ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.
අබියාගේ සෙසු ක්‍රියා ද ඔහුගේ ප්‍රතිපත්ති ද කියමන් ද දිවැසිවර ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.
එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.
අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?