Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:11 - Sinhala New Revised Version 2018

11 ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි ද ඉශ්රායෙල්හි ද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි ද ඉශ්රායෙල්හි ද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 බලව, ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා යූදාහිද ඉශ්‍රායෙල්හිද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:11
11 හුවමාරු යොමු  

මුල පටන් අග දක්වා ඔහුගේ ඉතිහාසය ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තාකර තිබේ.


තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය.


හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.


ජෝතාම්ගේ අනික් ක්‍රියා ද සියලු යුද්ධ ද ඔහුගේ ප්‍රතිපත්ති ද ඉශ්රායෙල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.


උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය.


අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?


ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ.


මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.


සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?


එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්