අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.
2 ලේකම් 18:2 - Sinhala New Revised Version 2018 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය. Sinhala New Revised Version අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය. Sinhala Revised Old Version අවුරුදු ගණනකට පසු ඔහු සමාරියට ආහබ් ළඟට ගියේය. එවිට ආහබ් ඔහුද ඔහු සමඟ සිටි සෙනඟද උදෙසා බොහෝ බැටළුවන්ද ගවයන්ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්ට ඔහු පෙළඹෙවුවේය. |
අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, “ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.
ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.
මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන
මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.
ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.