Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:2 - Sinhala Revised Old Version

2 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියට ආහබ් ළඟට ගියේය. එවිට ආහබ් ඔහුද ඔහු සමඟ සිටි සෙනඟද උදෙසා බොහෝ බැටළුවන්ද ගවයන්ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්ට ඔහු පෙළඹෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:2
12 හුවමාරු යොමු  

නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.


අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.


ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන,


තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය.


රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.


යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.


ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.


ඉශ්‍රායෙල් රජවූ ආහබ් නැවත යූදාහි රජවූ යෙහෝෂාපාට්ට කථාකොට: ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. ඔහුද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය; යුද්ධයේදී අපි ඔබ සමඟ සිටින්නෙමුයයි ඔහුට උත්තරදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්