ඔහු තම පිය වූ ආසාගේ අඩි පාරේ ගමන් කරමින්, එයින් අහක් නොවී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත් කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. එවකටත් සෙනඟ පූජා ද සුවඳ දුම් ද කඳු මත පූජාස්ථානවල ඔප්පු කළහ.
2 ලේකම් 17:6 - Sinhala New Revised Version 2018 ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය. Sinhala New Revised Version ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය. Sinhala Revised Old Version ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යූදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය. |
ඔහු තම පිය වූ ආසාගේ අඩි පාරේ ගමන් කරමින්, එයින් අහක් නොවී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත් කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. එවකටත් සෙනඟ පූජා ද සුවඳ දුම් ද කඳු මත පූජාස්ථානවල ඔප්පු කළහ.
මන්ද, ඔහු විදේශීය පූජාසන ද ගිරිකුළු දේවාල ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කප් කණු ද කපා දැමුවේ ය.
එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය.
එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.
එසේ වුවත්, ගිරිකුළු දේවාල විනාශ නොකරන ලද්දේ ය. ඒ වන තුරු සෙනඟ තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ දෙසට තමන්ගේ සිත් යොමු කෙළේ නැත.
මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
“වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?
සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්