Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 13:10 - Sinhala New Revised Version 2018

10 “වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 “සියලු ආකාර වංචාවෙනුත්, කපටිකමිනුත් අනූන සකල දමිටුකමට සතුරුකම් කරන යක්ෂයාගේ පුත්‍රය, ස්වාමින්වහන්සේගේ හරි මාර්ග මුළා කිරීමෙන් නුඹ නවතින්නේ නැති ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:10
23 හුවමාරු යොමු  

ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.


වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.


එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.


කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.


මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය. මන්ද, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස ය.


විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.”


ඔව්හු හරිමඟ හැර දමා මුළා වූ හ. මුදලට තණ්හාවෙන් අයුතුකම් කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාම් දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ.


ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.


එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, “පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද?


“මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.


සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.


‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.


මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ම අවසානයක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.


ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.


ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.


තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”


එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්