මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
2 ලේකම් 10:17 - Sinhala New Revised Version 2018 එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. Sinhala New Revised Version එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. Sinhala Revised Old Version නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය. |
මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය.
එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වූ හදෝරාම් එහි යැවුවේ ය. ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝ ය. එවිට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.
රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.
යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.
“නුඹ සලමොන්ගේ පුත් ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, ජුදාහි සහ බෙන්ජමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කතා කොට,
ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.