2 ලේකම් 10:17 - Sinhala New Revised Version17 එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය. පරිච්ඡේදය බලන්න |
රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය.