1 රාජාවලිය 11:36 - Sinhala New Revised Version 201836 මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි. පරිච්ඡේදය බලන්න |
මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය.