ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම

1 සාමුවෙ 9:24 - Sinhala New Revised Version 2018

අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

Sinhala Revised Old Version

අරක්කැමියා ගාතයද ඊ පිට තිබුණු දේද ගෙනැවිත් සාවුල් ඉදිරිපිට තැබුවේය. සාමුවෙල්ද: මෙන්න නුඹ උදෙසා තැබූ ඒවා! මේවා නුඹ ඉදිරිපිට තබාගෙන කන්න; මක්නිසාද මා විසින් සෙනඟ කැඳෙවුවායයි කී වේලාවට මේවා නුඹ උදෙසා වෙන්කොට තබන ලද්දේයයි කීවේය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ කෑයේය.

පරිච්ඡේදය බලන්න

1 සාමුවෙ 9:24
6 හුවමාරු යොමු  

“තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.

ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.

එයට මස් කෑලි දමන්න. ඉතා හොඳ කෑලි වන පස්සා ගාතය ද ඉස්සරහ ගාතය ද ඉතා හොඳ කටු ද එයට පුරවන්න.

උන්ගේ මස් ද ළපැත්ත සහ දකුණු ගාතය ද නුඹේ ය.

සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය.