Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:22 - Sinhala New Revised Version 2018

22 “තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:22
14 හුවමාරු යොමු  

අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.


උන්ගේ මස් ද ළපැත්ත සහ දකුණු ගාතය ද නුඹේ ය.


ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.


පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.


ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන


උගේ තෙල සම්පූර්ණයෙන් ම ද එනම්, උගේ වල්ගය ද අතුණු වසා ඇති තෙල ද


තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල,


පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.


තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් පූප ඇති පැසෙන් පූපයක් ද තෙලින් බැදි පූපයක් ද තුනී පූප පෙත්තක් ද ගෙන,


දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.


එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.


අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්