Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 29:27 - Sinhala New Revised Version 2018

27 ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 පත්කිරීමේ බැටළුවාගෙන් එනම් ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් ලැබිය යුතුවූ කොටසෙන් තේවකරනලද මැනීමේ පූජාවෙන් ළැපැත්තද තේවකරනලද එසවීමේ පූජාවෙන් කළවයද විශුද්ධකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:27
14 හුවමාරු යොමු  

නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය.


සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.


තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.


ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.


පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.


“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.


මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.


“සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.


දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.


අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්