ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 9:1 - Sinhala New Revised Version 2018

උපියාගේ පුත්‍රයා වන බෙකෝරත්ගේ පුත්‍ර වූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍ර වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 9:1
9 හුවමාරු යොමු  

බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


“ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.


ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය.


සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය.


සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.