Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 13:21 - Sinhala New Revised Version 2018

21 “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 ඉන්පසු ජනයා තමන්ට රජකු ඉල්ලා සිටියෙන්, දෙවියන්වහන්සේ බෙන්ජමින් වාංශික කිෂ්ගේ පුත්‍ර සාවුල් හතළිස් වසරකට ඔවුන්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:21
8 හුවමාරු යොමු  

එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:


සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.


සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.


ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ.


උපියාගේ පුත්‍රයා වන බෙකෝරත්ගේ පුත්‍ර වූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍ර වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.


සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්