ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 30:21 - Sinhala New Revised Version 2018

දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 30:21
7 හුවමාරු යොමු  

සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න.


අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,


ගිඩියොන් සුක්කොත්හි වැසියන් ළඟට අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ මට සරදම් කළ අවස්ථාව සිහි කරන්න. ‘වෙහෙස වූ ඔබේ මිනිසුන්ට, අප විසින් කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද ඔබේ අතට අසු ව සිටිත් දැ’යි ඔබ කීවහු ය. ඒ ශෙබා ද ශල්මුන්නා ද මෙන්න, බලන්නැ”යි කී ය.


ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය.


දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.


එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.


එවිට දාවිත් සමඟ ගිය සෙනඟ අතරෙන් නපුරු, දුදන මිනිසුන් සියලු දෙනා කතා කොට, “අප සමඟ නොගිය මිනිසුන්ට අප ගළවා ගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමු. ඔවුන් එකිනෙකාට තම තමන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද රැගෙන යන්නට පමණක් දෙමු”යි කී හ.