Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:21 - Sinhala Revised Old Version

21 දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:21
7 හුවමාරු යොමු  

සහෝදර ස්නේහය පවතීවා.


එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය.


ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාද කියා නුඹලා විසින් යමෙකු ගැන මට සරදම්කර කීවාද ඒ සෙබාද ශල්මුන්නාද මෙන්න බලන්නැයි කීය.


අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.


එවිට දාවිත් සමඟ ගිය මිනිසුන් අතරෙන් නපුරුවූ දුර්ජනවූ මිනිසුන් සියල්ලෝ කථාකොට: අප සමඟ නොගිය සියලු මිනිසුන්ට එක එකා තම තමාගේ භාර්යාවද දරුවන්ද අරගන යන පිණිස ඔවුන් දෙනවා මිස අප විසින් ගළවාගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමුයයි කීවෝය.


ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.


දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්