Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:22 - Sinhala New Revised Version 2018

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:22
11 හුවමාරු යොමු  

“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.


එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.


ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට,


මෙසේ ඔව්හු ආපසු හැරී බාලයන් ද ගවමහිෂයන් ද බඩු ද පෙරටු කොටගෙන ගියෝ ය.


ඉශ්රායෙල්වරුන්ගේ සේනාව ද පිලිස්තිවරුන්ගේ සේනාව ද එක එකාට විරුද්ධ ව මුහුණට මුහුණ ලා යුද්ධයට සැරසී සිටියහ.


උරියා ඔහු ළඟට ආ කල දාවිත් ඔහුගෙන් ජෝවාබ්ගේ ද සෙනඟගේ ද සැප සනීප ගැනත්, යුද්ධය සිදු වේගෙන යන ආකාරයත් විචාළේ ය.


මෝසෙස් තම මාමණ්ඩි හමු වීමට නික්ම ගොස් ආචාර සමාචාර කොට ඔහු සිප ගත්තේ ය. තවද, ඔවුන් එකිනෙකාගේ සුව දුක් විචාළ පසු, ඔව්හු කූඩාරමට ඇතුළු වූ හ.


දාවිත් තරුණයන් දසදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කර්මෙල් කන්දට ගොස්, නාබල් වෙත පැමිණ මාගේ නාමයෙන් ඔහුට ආචාර කරන්න.


දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්