ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.
1 සාමුවෙ 3:10 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය. |
ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.
දැන් ඒ රජතුමා ඔබ හැමගේ නායකයා ය. මම නම් මහලු ය, මාගේ හිසකෙස් පැහී තිබේ. මාගේ පුත්‍රයෝත් ඔබ සමඟ සිටිති. මම බාල වියෙහි පටන් අද දක්වා ඔබේ නායකයා වී සිටියෙමි.
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: “මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය.
සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.
සමිඳාණන් වහන්සේ ෂිලෝහි දී සාමුවෙල්ට ප්‍රකාශ වූ සේක. එහි දී නැවත නැවත ප්‍රකාශ වී ඔහු සමඟ කතා කළ සේක.
සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය.
එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.