Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 3:9 - Sinhala New Revised Version 2018

9 එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්–ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 3:9
9 හුවමාරු යොමු  

එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.


එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.


දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.


නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.


සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය.


එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.


ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.


එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්