1 සාමුවෙ 23:17 - Sinhala New Revised Version 2018 ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය. Sinhala New Revised Version ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය. Sinhala Revised Old Version ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය. |
බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.
එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි.
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.
ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.
ඔබ මා ළඟ සිටින්න, බිය නොවන්න; මා මරන්න සොයන්නා ඔබත් මරන්න සොයන්නේ ය. එහෙත්, ඔබ මා ළඟ සුරක්ෂිත ව සිටින්නෙහි ය”යි අබියාතර්ට කීවේ ය.
මිනිසෙකුට සිය සතුරා අසු වුණොත්, ඔහුට සුව සේ යන්නට ඉඩ හරියි ද? එබැවින් ඔබ අද දවසේ මට කළ මේ දේ නිසා සමිඳාණන් වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙන සේක් වා!
සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.
ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.”
දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි