තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත.
1 සාමුවෙ 16:6 - Sinhala New Revised Version 2018 ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. Sinhala New Revised Version ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. Sinhala Revised Old Version ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය. |
තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත.
දෝර් නම් මුළු කඳුකර පෙදෙසෙහි විසූ බෙන්-අබිනාදාබ් ය. ඔහුගේ භාර්යාව සලමොන්ගේ දුව වන තාපත් ය.
ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;
එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක.
තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.
අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.
එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.
ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.