මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.
1 සාමුවෙ 10:16 - Sinhala New Revised Version 2018 සාවුල් පිළිතුරු දෙමින්, “කොටළුවන් සම්බ වූ බව ඔහු පැහැදිලි ලෙස දැන්නුවේ ය”යි තම බාප්පාට කීවේ ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත. Sinhala New Revised Version සාවුල් පිළිතුරු දෙමින්, “කොටළුවන් සම්බ වූ බව ඔහු පැහැදිලි ලෙස දැන්නුවේ ය”යි තම බාප්පාට කීවේ ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත. Sinhala Revised Old Version සාවුල්ද: කොටළුවන් සම්බවුණ බව ඔහු අපට පැහැදිලි ලෙස දැන්නුවේයයි තමාගේ බාප්පාට කීවේය. නුමුත් රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත. |
මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.
ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.
ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.
ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.